අපේ අරමුණ

එදා උතුම් ජාතියක් විදියට අපිටම ආවේනිකවූ,ස්වයං පෝෂිතවූ, ආහාරපාන පරිභෝජන රටාවක් අපිට තිබුණි.ඒ තුල අපී ආර්ථික, සමාජීය,වශයෙන් මෙන්ම, සෞඛ්‍යය සම්පන්න බව අතින්ද, පොහොසත් වු ජාතියක් වුණි. අප හදාගත් ඒ ස්වයං පෝෂිත බවට අපම පයින් ගැසූ දා සිට, අද අප බොහෝ අසරණ වු ජාතියක් බවට පත්ව ඇත. සැම කේෂ්ත්‍රය කම ස්වයං පෝෂිත බවින් මිදී අද අප ජාතිය මංමුලාවී ඇත. දුටුගැමුණු රජ දවස එතුමන්ට ශක්තියක් වු දස මහා යෝධයන් මෙන්ම, බලංගොඩ ආනන්දය මෛත්‍රී හිමිපාණන්, අනගාරික ධර්මපාලතුමා,තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්, වැනි ලොව මවිත කළ බුද්ධිමතුන් බිහි වු යේද, අපේ ඒ, කායික, මානසික ස්වයංපෝෂිතභාවය තුළිනි. එසේම, අපටම ආවේනිකවූ, හෙළ ආහාරපාන රටාව මේ සියල්ලටම ඉහළින් සෙවනැල්ලක් මෙන් තිබූ නිසාවෙනි.

මෙසේ අප විසින්ම නැතිකරගත්, අපේම, ඒ ස්වයංපෝෂිතභාවයේ, අතීත නටබුන් සොයාගොස්, වත්මන් පරපුරට එහි ගුණාත්මකභාවය දායාද කර දීමත්, හෙට උපදින අපේම හෙළ දරුවාටත්, වර්තමානයේ ජිවත්වන ඔබ සැමටත් ඒ තුළින් උතුම්වූ කායික, මානසික නිරෝගී සම්පන්නභාවයක්, දායාද කර දීමේ, මාර්ගෝපදේශකයෙක් වීම, “හෙළබොජුන්” හි අපේක්ෂාවයි.

මෙහිදී නිරෝගී, සෞඛ්‍ය සම්පන්න ජාතියක් විදියට එදා හෙළයන් තැබු, ඉතිහාසගත වාර්තාවට, පාදකවූ දේශීය හෙළ ආහාරපාන රටාවන් අධ්‍යයනය හා වාර්තා කිරීමත්, එහි මුලයන් සොයා යැමත්, ඒ අපෙන් තුරන්ව ගිය උතුම් ශක්‌තිය නැවත වත්මන් සාමාජයට, අනාගත පරපුරට උරුමකර දීමට ක්‍රමෞපයක් සකස් කිරිමත්, වර්තමානයේ හි අසරණව අපේකම, සොයා එන අපේම සහෘර්දයන්ගේ පිපාසය සංසිදුවන දැණුමේ තෝතැන්නක් කිරීමද අපගේ අරමුණු අතර වේ.......



Our vision

We, as a great nation, had our own unique self-sufficient consumption pattern in the history. We were rich not only economically and socially but even were a healthy nation in that context. However, we became helpless from the very first day of neglecting that self-sufficient system ourselves. With the abstention of self-sufficiency in all those sectors, we have become disoriented. As a result of that self-sufficiency, physically and psychologically, our nation gave the birth not only to theten giant warriors of the great king Dutugamunu, but also to great intellectuals who amazed the universe like Great reverend BalangodaAnandaMaithreeyathero, Great reverend Thotagamuwe Sri Rahulathero, Great AnagarikaDharmapala. At the same time, our unique consumption pattern also was a shadow above all of those, facilitating these miracles.

Our expectation is to explore our heritage of self-sufficiency, which we lost ourselves, and toprovide the guidance for the present and future generations on our soil to live a quality of the life of our ancestors, and to assure a healthy nation physically and mentally.

Among our aims, we are dedicated to study and report about our indigenous consumption patterns which created the path for the historical record of being healthy and energetic nation, and to explore the roots of thatindigenous consumption pattern,to make pathways to endow that great energy for the present and the future generations on our soil. In addition to that we make a platform of the knowledge for our colleagues who is in quench of knowledge about indigenous foods and consumption.