අප සිටිනා තැන

මේ වන විට අපේ රටේ බහුතරය විවිධාකාර රෝගවලින් පීඩා විදින්නාහ.කොලෙස්ටරෝල්, දියවැඩියාව නොමැති වැඩිහිටියෙක් සොයා ගැනීමද අසීරුය.දැන් දැන් පුංචි දරුවන්ද දියවැඩියා රෝගයෙන් බහුලව පීඩා විදිති.වෛද්‍ය සායන පිරි ඉතිරි යන්නේ, දියවැඩියා, කොලෙස්ටරෝල්,අධිරුධිර පීඩන, යනාදී රෝගීන්ගෙනි. එකී රෝගීන් බියට පත් කරමින් සමහර රෝහල්,වෛද්‍යවරු මුදල් ගැරීමේ ජාවාරමකද නිරතව සිටි. මෙය මහා ව්‍යසනයකි.රට අරාජිකතත්වයට ඇද දමන ව්‍යසනයකි.මෙයට බලපාඇති සාධකය රට වේලා ගෙන ඇති වැරදී ආහාරපාන රටාව හා වසවිස බව අද නොරහසකි. මිනිස් කුස දෙදරවන්නට බත්කදු ගැසීමත්,අධික පාන්පිටි පරිබෝජනයත් අපේ රටට ත්‍රස්තවාදයක් බවට පත්වී හමාරය.සියළු කඩ කෑමවලට පාන්පිටි මිශ්‍රය.සුදුබත් හා පාන්පිටි බහුලව අනුබව කිරීම ශරීර සෞඛ්‍යයට ඉතාම අගුණය. මෙවැනි ආහාර වැඩියෙන් කන පුද්ගලයාගේ ආමාශය පුළුල් වේ. අසාමාන්‍ය අයුරින් සිරුර තරබාරු වේ. සමඅවපැහැ ගැන්වේ. උදරය ඉදිරීයට නෙරාවිත් හිස් ගෙඩියක් සේ විරූපී සිරුරක් නිර්මාණය වේ.මොළේ සෛල වර්ධනය දුර්වල කරයි. මිනිස් ක්‍රියාකාරකම් දුර්වල වේ. අද අපේ මිනිසුන් වේලාවට වැඩක් කරන්නේ නැති, සිතීමේ ශක්‌තිය දුර්වල නිදිමත ජාතියක් බවට පත්ව ඇත්තේ මේ ඇබ්බැහියන් නිසාය. මිනිසාගේ ශරීර සෞඛ්‍යය පවත්වා ගෙනයෑමට බත් සුළු වශයෙන් අවශය වුවද, පාන්පිටි කිසිලෙසකින් අවශ්‍ය නැත. බත්වල ශරීර සෞඛ්‍යයට උරාගැනීමේ ශක්‌තිය 65%.කි. මවුකිරි ,බිත්තර හැරුණු කොට තෙවැනියට ශරීරයට උරාගැනීමේ ශක්‌තිය ඇත්තේ බත්වලටය. සහල් ඇටේ වඩාත්ම ගුණදායක කොටස ඇටේ මතුපිට නිවුඩ්ඩය.එහෙත් වර්තමානයේ වෙළදපොලේ තිබෙන සුදුහාල්වල නිවූඩ්ඩ කොටස නැත.

සහල් ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් 6.7 ග්‍රෑම් තිබේ.එහෙත් වෙළදපොලේ ඇති සුදු සහල්වල ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 2 ක් වත්නැත. සහල් ග්‍රෑම් 100 විටමින් B1ක 0.4 කි.විටමින් B2 දශම 4.9 කි. වී සහල් බවට පරිවර්තනය ක්‍රියාවලියේදී විටමින් 70% විනාශ වේ. සහල් සෝදා ගරා ගැනීමේදී තවත් 6%ක පමණ ප්‍රමාණයක් විටමින් ඉවත් වේ.සහල් තම්බා බත් බවට පරිවර්ථනය ක්‍රියාවලියේදී B1, B2, ඉතිරි විටමින් ප්‍රමාණයද පිච්චී යන්නේය. අවසානයේ අපී බත් කියා කුස පුරවාගන්නේ පිෂ්ටය ගොඩකි.රටේ දෙවැනි ප්‍රධාන ආහාරය පාන්පිටිය. තිරිගුපිටිවල පෝෂණීය ගුණය ඇත්තේ,තිරිගු ඇටයම කුඩු කර ගන්නා පිටිවල පමණි. 1978 වසරට පෙර අපේ රටට තිරිගු ඇටයම සම්පුර්ණයෙන් කුඩු කර ගන්නා පිටි ලැබුණි. එහෙත් අවාසනාවකට එවකට රටේ නායකයින් තිරිගුපිටි නිෂ්පාදනය පෞද්ගලික අංශයට භාර දුන්නේය. දැන් ඔවුන් කරන්නේ, පිටරටින් ගෙන්වන තිරිගු ඇටවල පෝෂදායි බිජ අංකුරය, රුලං කොටස,කුරුඩ්ඩ වෙන්කර එය වෙනම විදේශීය වෙළදපොළට නිකුත් කරමින්, මැද තියෙනා පිටි ගුළිය පමණක් කුඩුකර පාන්පිටි නිෂ්පාදනයයි.ඒ පිටිවල කිසිදු ගුණයක් නැත.තනිකරම පිටි ගුලියක් පමණි.පිටි ග්‍රෑම්100 ක ඇති ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් 2 කි. බත් සහ තිරිගුපිටිවල පිෂ්ටය ප්‍රමාණය ඉතාම අධිකය.කොලෙස්ටරෝල් දියවැඩියාවට මුල අසාමාන්‍ය ලෙස පිෂ්ටය ශරීරයට ඇතුළු කිරීමය. සිරුරේ සිනි ප්‍රමාණය වැඩි කිරිමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ,අධික ලෙස සුදුබත් සහ පාන්පිටි අනුභව කිරීමය.සිරුරේ සිනි වැඩිවීම යනු කෙනෙකුගේ ශරීර සෞඛ්‍යය බිංදුවට වැටීමකි.එහෙයින් සිරුරේ සිනි පාලනය කර ගැනීම අනිවාර්ය වේ.එමෙන්ම අපේ සිරුරේ ක්‍රියාකාරිත්වයට කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය බව සැබැය.රුධිරයේ ඇති කොලෙස්ටරෝල් දෙයාකාරයකින් ඇති වේ. අප ආහාරයට ගන්නා කෑමවල ඇති කොලෙස්ටරෝල් සහ අනෙක් පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අක්මාවේ නිපදවන්නාවූ කොලෙස්ටරෝල් ප්‍රමාණයයි,වශයෙනි. අක්මාව විසින් නිපදවන්නාවූ කොලෙස්ටරෝල් ප්‍රමාණය අප කෑමට ගන්නා ආහාරවල කොලෙස්ටරෝල් ප්‍රමාණය අනුව වෙනස් වේ. කොලෙස්ටරෝල් වැඩි ප්‍රමාණයක් අනුභව කරයි නම් ඔබගේ අක්මාව නිපදවන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුය.මේදය සහිත ආහාරපාන වැඩිපුර නොගන්නේනම් අක්මාව වැඩි වශයෙන් කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරයි.

විවිධ පලාවර්ග,එලවළු,මුo-කවුපි,බතල,වට්ටක්කා,කිරි අල,ආදීඅල වර්ගවල,පළතුරු,ඔලිවුස්,පොල්, බිත්තර කෑම වේලට එකතු කර ගැනීම ඉතා ගුණදායකය.බිත්තරවල ශරීරයට උරා ගැනීමේ ශක්‌තිය දෙවැනි වන්නේ මවුකිරි වලට පමණි.මෙම ආහාර සමග නිවුඩ්ඩ සහිත රතුබත් කෑමට එක් කර ගැනීමෙන් ඉතාම පෝෂදායි ආහාර වේලක් සකස් කර ගැනීමට හැකිවේ.එමෙන්ම පාරම්පරික දේශීය සහල් කෑමට එකතුකර ගැනීමෙන් ආහාරවේල තවත් පෝෂදායි කරගත හැක.දේශීය සහල්වල ගුණදායි තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක පවතී.එහෙයින්රටේ ජනතාවට කනබොන දේවල් ගැන හොද අවබෝධයක් තිබිය යුතුය.සිදුවියයුත්තේ සමාජය හුරුවී තිබෙන කෑමබීම රටාව වෙනස් කිරීමය.විශේෂයෙන්ම පාන්පිටි ගුලි ගිලින එක සහ කුස දෙදරන්නට සුදුබත් කෑම අඩුකිරිමය. 1960 දශකයට පෙර සිට ජපානයේ ප්‍රධානතම ආහාරය බවට පත්ව තිබුණේ බත්ය.ජපානයේ පැරෙන්නන්ද අධිකලෙස බත් කැවේය.එකළ සැම කෙනෙක්ම නිදිමත ස්වරුපයෙන්,කිසිදු ක්‍රියාකාරකමක් ඉස්මතු නොවී සිටිජාතියක් විය. සීග්‍රයෙන් රටපුරා විවිධාකාර රෝගාබද පැතිර ගියේය.බේරි බේරි රෝගය පැතිර ගොස් ජපානය විසාලාවක් බවට පත් විය.රටේ ජනතාවගේ අරාජිකත්වයේ බීජය සෙවීමට විද්‍යාඥයින් විවිධාකාර ලෙස පර්යේෂණ කිරිමට පටන් ගත්හ. අවසානයේදී ජපන් ජාතිකයන්ගේ ප්‍රධානතම මුලය වී ඇත්තේ, විටමින් රහිත සහල් පරිබෝජනය බව ඇඩ්මිරල් ටා කාකි සොයාගත්තේය.

එම පර්යේෂණය සිදුකරන කාලයේ ටාකාකි නැවක අද්මිරාල්වරයෙකි. ඔහු සේවය කලේ ජපානයට සුදු සහල් ගෙන්වන නැවකය. නැවේ වැඩ කරන සියළු දෙනාටම තුන්වේලටම කන්නට දුන්නේ සුදුබත්ය. ටික කාලයක් යනවිට නැවේ වැඩ කරන බොහෝ අය බෙරිබෙරි රෝගයෙන් රෝගාතුරවිය.බොහෝ අය මියගියහ.මෙයට හේතුව සොයන්නට අද්මිරාල්වරයා නිතර වෙහෙසුණි.ටාකාකි නැවෙන් බැස්සට පසුව කුකුළු පැටවූ ටිකක් ගෙන එක් කණ්ඩායමකට සුදුසහල් කෑමට දුන්නේය. අනෙක් කණ්ඩායමට නිවුඩ්ඩ සහිත සහල් කෑමට දුන්නේය. සම්පුර්ණයෙන් පාහිනලද සුදුසහල් කැ කුකුළු පැටවුන් කාලයක් යනවිට අසාමාන්‍ය ලෙස මියගියහ. නිවුඩු සහල් කැ පැටවුන් නිරෝගිමත් ලෙස දිගු කාලයක් ජිවත් වුහ.1870 වර්ෂයේ කළ මෙම පර්යේෂණය හරහා ටාකාකි නිවුඩු සහලේ වැදගත්කම ලෝකයාට හෙළි කළේය.එහි ඇති විටමින් මොළේ සෛල වර්ධනයට හේතු වන බවද තහවරු කළේය. 1960 දශකය වනවිට ජපන් රජය හොදින් අවබෝධ කරගත් මෙම කාරණය ,රටේ ජනතාව පෝෂදායි ආහාරපාන රටාවකට හුරු නොකර රට ගොඩගැනීමට නොහැකි බව තේරුම් ගෙන,සහල්වල විටමින් උණ තාවයට පිළියම් යොදන අතරේ ජපන් ජාතිකයන්ගේ බත් කන ප්‍රමාණයද අඩු කිරිමට රටපුරා විවිධ වැඩසටහන් දියත් කළේය. එක් පුද්ගලයකු වසරකට අනුභව කරන බත් ප්‍රමාණය 117 kg සිට 65 kg දක්වා අඩු කළේය. ඒ සමගම එරට කිරිආහාර පරිබෝජනය 700% කින් වැඩි කළේය. බිත්තර පරිබෝජනය 300% කින්ද, පළතුරු 60%කින්ද එලවළු පරිබෝජනය 100%කින්ද වැඩි කළහ. සෝයා නිෂ්පාදනය වැඩි කරමින් එම නිෂ්පාදනවලට රටපුරා විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. සෝයා නිෂ්පාදන හා පෝෂ්‍යදායී ආහාරපාන අලෙවි සැල් 3800 ජපානය පුරා විවූර්ථ කළහ. වැඩිපුර බත්කන පුද්ගලයා කම්මැලියෙක්, රටට වැඩක් නැති නිදිමතකාරයෙක් විදියට රුපවාහිනී දැන්වීම් මගින් සාමාජයට පෙන්වුවේය. ඒ සමගම කැමට ගතයුතු පෝෂ්‍යදායි ආහාරපාන හා නිවුඩු සහලේ වැදගත්කමට අදාලව රුපවාහිනී වැඩසටහන් ප්‍රසිද්ධ කළේය. එමෙන්ම පෝෂ්‍යදායි ආහාරපාන ආනයන බදු ලිහිල් කළේය. ඒ සමගම ජපන් ජාතිකයෝ පෝෂ්‍යදායි ආහාරවලට හුරුවිය.එදා ගත් ඒ උතුම් තීරණය නිසා බුද්ධිය,ශක්‌තිය, මිනිස් ක්‍රියාකාරකම් වර්ධනය වී ජපන් ජාතිකයන් අද දියුණුවේ හිනි පෙත්තටම ගොස් අවසානය.

ලෝකයට සහල් සොයාගනු ලැබුවේ චීන ජාතිකයෝය.ඒ වනවිට මෙරට ජනතාවගේ ආහාර වී තිබුණේ කුරහන්,මෙනේරි,තල,කවුපි වැනි ධාන්‍ය ආහාරපාන මෙන්ම කිරිආහාර, පලාවර්ග, සහ පලතුරුය.අපේ රටට වී වගාව හදුන්වා දෙනු ලැබුවේ පෘතුගීසින්ය. කුබුරු කැල්ලක් අස්වද්දාගෙන අස්වැන්න නෙළා, එය වංගෙඩියේ දමා කොටගෙන ආහාරයට ගත් අපේ පෙරැන්නන්ට ඉංගිරිසි ආක්‍රමණයත් සමග බුරුමයෙන් සහල් නැව් පිටින් ගෙනැවිත් බැවේය. සුද්දා සුක්‍ෂම ලෙස අපේ මිනිසුන්ගේ ශක්‌තිය මඩින්න සුදුහාල් රටපුරා ව්‍යාප්ත කළේය.එදා ගස්,ගල් පෙරළා විස්මිත නිමැයුම් කල සිංහලුන්ගේ නිර්මාණ ශක්‌තිය,කාය ශක්‌තිය නැති භංගස්ථාන කිරිමට සුද්දෝ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වූ බව සැබෑය.එදා සුද්දා වැපිරූ සුදුසහල් අද වන විටත් අපේ රටේ ප්‍රධානතම ආහාරය බවට පත්ව ඇත්තේය. අද සිදුවිය යුත්තේ,මෙය මනාව තේරුම්ගෙන ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමය.රටේ ජනතාවද එය තේරුම්ගෙන ඒ ජාතික වැඩපිළිවෙලට දායකත්වය උපරිමයෙන් ලබාදියයුතුය. බත කොත ගැසීම නතරකොට ව්‍යංජනවලට සමානව බත් ටිකක්(නිවුඩු සහල් නම් මැනවි) පිගානට බෙදාගැනීමය.අතිරික්ත සහල්වලින් දහසක් නිෂ්පාදන කළ හැක.ඒ හරහා විවිධාකාර කර්මාන්ත ව්‍යාප්ත කළ හැක.අද බටහිර රටවල මෙය මනාව කළමණාකරණයකින් සිදුවේ.ගොවියාත් ආරක්ෂා කරගෙන,රටේ ජනතාවගේ පෝෂණය නගා සිටුවන ගමන් රැකියා විරහිත භාවයටත් පිළියම් සොයා ගතහැක. දේශීය එලවළු,පළතුරු,හා කිරිආහාර නිෂ්පාදනයත් ඉහළ නංවාලීමද කළයුතුමය.පාන්පිටි ත්‍රස්තවාදයක් ලෙස සලකා එය මෙරටින් තුරන් කිරිමට කටයුතු කරන අතරතුර ඒ හා බැදී කර්මාන්තවලට සහල් හා ධාන්‍ය පිටිවර්ග හදුන්වාදිය යුතුය.නිරෝගිමත්,ශක්තිසම්පන්න, බුද්ධිමත් පරපුරක්, ජාතියක් ගොඩ නගා ගැනීමට සැවොම එකා මෙන් මනා අවබෝධයකින් කටයුතු කල යුතුය.ඊට කැපකිරිමක්ද කළ යුතුය..

(මෙම ලිපිය සකස් කිරීමේදී, පෝෂණවේදී ප්‍රියන්ත පිරිස් මහතාගේ සාකච්ඡාවක් ඇසුරෙන් 2016.11.06 දින, දිනමිණ පුවත්පතට, තරංග රත්නවීර මහතා ලියනලද ලිපියක්ද සහායට ගන්නාලදී.).