හැඩට ඉන්න මැනලා කන්න..

Image

සෞඛය සම්පන්නව සිටීම සදහා සැම තරාතිරකම පසුවන්නන් තම පෝෂණ තත්වය නිරන්තරයෙන් විමසීමකට ලක් කල යුතුය. නමුත් තරගකාරී සමාජයේ පෝෂණයට ඇත්තේ අඩු ප්‍රමුකතාවයකි. පහසුව, කාර්යබහුලත්වය අද බොහෝ දෙනා ක්ෂණික ආහාරපාන වෙත යොමුවී ඇත. මේ හේතුව නීසා අධි බර පිරිස 22% ක් හා 4.2% ක් ස්ථුලතාවයෙන් පෙළෙන බව අනාවරණයවී ඇත. ස්ථුලතාවය හා අඩි බර සීග්‍රයෙන් ඉහළ යන බැවින්, හෘදය රෝගාබද, දියවැඩියාව,අධි රුධිර පීඩනය වැනි අවදානම් සාධක වැඩිවීමක් දක්නට ලැබේ.

වර්තමානයේ නගරබද දරුවන් වැඩි සංක්‍යාවක් අඩි පෝෂණයෙන් පෙළෙන බැවින් ඔවුන් අනාගතයේදී බෝ නොවන රෝගවලට ගොදුරුවන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලබාගන්නා ශක්‌තිය වැය නොකර, ක්‍රියාශීලී නොවී සිටීම නිසා අධි බර ඇති වීම ප්‍රධානම හේතුවී ඇත. එබෙවින් අහාරපාන මෙන්ම ක්‍රියාශීලී බව සමතුළිත කිරීම අත්‍යවශය. ළමා කාලයේදී අඩුම වශයෙන් දිනකට පැයක්වත් ක්‍රිඩා නොකළහොත් දරුවන් අනාගතයේදී රෝගීන් වීම නම්, නවතාලිය නොහැක.

පිෂ්ටය,මේදය, සිනි, අඩංගු ආහාරපාන මෙන්ම ක්ෂණික ආහාරපාන වන, සොසේජෙස්,කොත්තු, ෆයිඩ් රයිස්, බර්ගර්, ගැඔුරු තෙලේ පිසින ප්‍රෙස්ටි,චෛනිස් රෝල්ස්, යනාදීය දරුවන්ගේ සතුරන්ය. කුඩා අවදියේ සිටම මෙම ආහාරපාන අනුබව කර ක්‍රියාශීලීී නොවන දරුවන්ට අවුරුදු 12-14 වනවිට රුධිර නාලවල මේදය තැන්පත්වීම වැලැක්විය නොහැක.