ලෙඩ රෝග 9ක්...

Image

වර්තමාන සමාජයේ බොහෝ විට කථා කරණු ලබන්නේ බෝවන රෝගවලට වඩා, බෝ නොවන රෝග පිලිබදවයි. එහෙත් මිට වසර 10 කට 15 කට පමණ ප්‍රථමයෙන් අප කථා බහ කලේ, සරම්ප,පැපොල,මැලේරියාව වැනි බෝවන රෝග සම්බන්දවයි.වෛද්‍ය විද්‍යාව දියුණු නිසා යම් යම් බෝවන රෝග පාලනයකට නතු කලත්, කාලයෙන් කාලයට පරිසරයේ යම් යම් රෝග ව්‍යාප්තවන බව දක්නට ලැබෙනවා. විශේෂයෙන්  අපේ රටේ ඩෙංගු කාලයෙන් කාලයට සීග්‍රයෙන්  ව්‍යාප්ත වෙනවා. ඒවගේම ජාත්‍යන්තරව ගතහොත් ඉබෝලා වැනි රෝග දක්වන්නට පුළුවන්. වර්තමාන සමාජයේ  බහුල ලෙසම, දකින්නට ලැබෙන්නේ බෝ නොවන රෝගයි. ඒ අතුරින්;

  • අධි රුධිර පීඩනය,
  • හෘද රෝග,
  • දියවැඩියාව,
  • පිළිකා,
  • කොලෙස්ටරෝල්,
  • වකුගඩු රෝග,
  • ආතරයිටිස් (Arthritis – සන්ධි ප්‍රදාහය),
  • ගැස්ට්‍රයිටිස්,
  • අපෙන්දිචිට්ස් (appendicitis), ප්‍රධාන වේ.

මෙසේ රෝග ඇති වීමට ප්‍රදාන හේතුව වන්නේ;

*රසායනික පොහොර, පළිබෝධ නාශක හා එදිනෙදා පරිබෝජනයට ගන්නා දේ වල ඇති රසායනික දේ

.

පළිබෝධ නාශක  මගින් විෂ ඇතුළු වන්නේ, ගොවියන්ගේ සිරුරට, පමණක් නොවේ.රසායනික ද්‍රව්‍ය යොදන සැම බෝගයකටම, අඩු වැඩි වශයෙන් ආසනික්, කැඩීමියම් සහ වෙනත් විෂ ද්‍රව්‍ය උරාගනී. අවසානයේ, අප  පරිභෝජනය කරන එලවළු,පළතුරු, සහල්,කවුපි මේ සියල්ලම ඔස්සේ දිගු කලක් පුරා විෂ ද්‍රව්‍ය සිරුරට ඇතුළුවීමෙන්,ප්‍රධාන රෝගාබාධ කිහිපයකට මුල පුරයි.

** වකුගඩු
** දියවැඩියාව
** පිළිකා
** හෘදයාබාධ
          පසුගිය දශකය තුළ, මේ රෝගවල ඉතා ඉහල වැඩිවීමක්,පෙන්නුම් කරයි.වකුගඩු, පිළිකා රෝගීන්ගේ වැඩි වීමක් සේම, පාසල් ළමුන්ගෙන් සියයට 10-20 අතර ප්‍රමාණයකට දියවැඩියවය. මේ සියල්ල පිටු පස ඇත්තේ තත්වයෙන් බාල කෘෂිරසායන හා විෂ ද්‍රව්‍යයන්ය. ණූතන විද්‍යාවේ නාමයෙන් හදුන්වා දුන්  රසායනික ද්‍රව්‍ය නිසා සිදුව ඇති හානිය ආපස්සට හැරවීමද, අද මේවා නැවත් වුවද,තවත් සියවසක් වත් ගත වනු ඇත.විෂ රසායනික ද්‍රව්‍ය සිරුරට ඇතුල්වන්නේ, කෑමෙන්,බීමෙන් පමණක් නොවේ.රුපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා බොහෝ ආලේපන වර්ගවල රසදිය නම් විෂ අඩංගුය. මේවා සම හරහා සිරුරට ඇතුල්වී ස්නායු අබාධ ඇති කරයි.වද බව ඇති කරයි.අද ගෘහණියට ඇති ප්‍රධාන අභියෝගයක් නම් වස විසෙන් සිය පවුල බේරාගැනීමයි.

වෙළදපොලෙන් රැගෙන එන  කෘෂිරසායන  කැවූ, එලවළු, පළතුරු වලට වඩා තම වත්තේ වැවෙන දේ අගනා බව ගෘහණිය අවබෝධ කරගත යුතුය. එසේම, ශ්‍රී ලංකාවේ භාවිතවන බොහෝ ෂැම්පු වර්ගවල සෝඩියම් ලුරෙත් සල්ෆ්ට් (SLES)නම් රසායනය අඩංගුය. පෙණ ඇති කිරීම සදහා මෙම රසායන ද්‍රව්‍ය යොදාගනී. හිසට යොදන ෂැම්පුවල පමණක් නොව,වැසිකිලි පිරිසිදු කාරකවල,රථවාහන පිරිසිදු කාරකවලද මෙම රසායනය අඩංගුය. තවද සම හරහා මෙම රසායන සිරුරට ඇතුල්වී දිගුකාලින වශයෙන් විවිදාකාර රෝගාබද ඇති කරයි.

 

* සිය පෞද්ගලික සෞඛ්‍ය ගැන ජනතාව වගේම, ජනතාවගේ සෞඛ්‍ය  ගැන පාලන තන්ත්‍රයන්, සැලකිලිමත් නොවීමයි.

තරගකාරී සමාජ රටාව තුළ විශේෂයෙන් වැඩිහිටියන්, රැකියාවල නියුතු වුවන් මෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ද, දැඩි ලෙසම කාර්යබහුලව සිටිනු දක්නට ලැබෙයි. මේ කාර්යබහුලත්වයේ අනෙක් පැත්ත වන්නේ, ඔවුන් මානසික ආතතියකින් පෙලිමයි. මේ මානසික ආතතිය අධි රුධිර පීඩනය මෙන්ම, දියවැඩියාව තත්ත්වයට ගොදුරුවීමට  හේතු  සාධකයක් වෙයි. මෙහිදී අමතක නොකළ යුතු, තවත් කාරණාවක් තිබෙනවා,එනම් දෙමාපියන්ගේ කාර්යබහුලත්වය  නිසාම ඔවුන් ක්ෂණික ආහාරවලට නැඔුරු වී සිටිනවා සේම, දරුවන්ද ඒවාට හුරු කිරිමයි. බොහෝ මවූවරු උදැසන ආහාරයට දරුවාට දෙන්නේ, බනිස් හෝ එවෙනි  ක්ෂණික ආහාරයක් වෙළද පොලෙන් මිළට ගෙනය. මෙම ක්‍ෂණික ආහාරවල බහුල ලෙසම රසකාරක අඩංගුව පවතී. එමෙන්ම,පැණි රස නැතිනම්, සීනි, සහ පිෂ්ටය අඩංගුයි. මේවා  දියවැඩියාවට හේතු කාරක වෙයි.වැඩි වේලාවක් නිරාහාරව සිට රසකාරක යෙදු පැණි රස හා පිෂ්ටය  අඩංගු ආහාර ගැනීම, යහපත් ශරීර සෞඛ්‍යයකට හිතකර නොවේ.

අනෙක් කාරණය වන්නේ බහුතරයක් දෙනා, වායු සමනය කල කාමර වල සේවයේ යෙදීම නිසා, ඔවුන් පානය කරන ජලය ප්‍රමාණය අඩුවීමයි. එසේ වන්නේ,වායු සමන යන්ත්‍රයෙන් නිකුත් වන සිසිලස හේතුවෙන් පිපාසය  දැනීම අඩු වීමයි. එසේ කියා ජලය පානය නොකර සිටීම හිතකර නොවෙයි. සාමාන්‍යයෙන් දිනකට යටත් පිරිසෙන් වතුර ලීටර් 3 වැඩි ප්‍රමාණයක් බිමට ඔබ උත්සුක විය යුතුය. අපේ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය පිටවන්නේ, මුත්‍රා සමගය.  එහෙයින් ජලය නිසි ලෙස පානය කිරිමෙන්  එම විෂ ද්‍රව්‍ය පිටව යයි.. මනා සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට නම්, ඔබ නිසි ලෙස, පෝෂණීය ආහාරපාන ගතයුතු අතර ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලයද පානය කළ යුතුය. එසේම ශරීරයට නිසි ව්‍යායාමද අවශ්‍ය බව අමතක නොකළ යුතුය. ඔබ මෙසේ ඔබේ පෞද්ගලික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වුවහොත් ඔබට නිරෝගී ජිවිතයක් ගත කිරීමටත්, ඉහත කී ලෙඩ රෝග වලින් වැලකී සිටීමටත් හැකිවනු ඇත.