සම පැහැපත්..

Image

වර්තමානයේ මින් පෙර නොවිරු තරමේ රුව රැක ගැනීම සදහා සියලුම දෙනා,විශේෂයෙන් කාන්තාවන්, උත්සුක වනු  දක්නට ලැබෙනවා. කේෂකල්‍යානිය, මාංශ කල්‍යනිය, දන්ත කල්‍යනය, වය කලයනය යන දේහ ලක්ෂණ සම්පුර්ණවූ වනිතාව, පංච කල්‍යානියක වශයෙන් පුරාණයේ සිටම හදුන්වනු ලැබිය. සැම කාන්තාවකටම ජන්මයෙන් ලැබුණු දායාදයක් ලෙස රුව සම්පත හිමි වන අතර, එය වර්දනය කර ගැනීම සදහා ඇය විසින් විවිදාකාර ක්‍රම අනුගමනය කරනු ලැබීම දක්නට ලැබේ. ස්වභාවයෙන්ම සමහර කාන්තාවන් පංච කල්‍යානියක් වන අතර සැම කෙනෙකුටම, එසේ, අංග සම්පුර්ණ නොවේ. එබැවින්, එක් එක් අයගේ අඩුපාඩුකම් දැකිය හැකිය.

විවෘත ආර්ථිකය තුළ කාන්තාවන්ගේ රුපය පිලිබදව විශේෂ අවදානය රුපලාවන්ය නිෂ්පාදන වෙළදුන්ට මහත් ඉල්ලමක් වී ඇත. රුපලාවන්ය ඉතිහාසය දෙස බලන විට අවුරුදු සිය දහස්  ගණනකට පෙර අතීතයේ විසු රාජ කුමාරිකාවන් පවා තම රූ සපුව රැකගෙන ඇත්තේ, ස්වභාවික ශාකසාර හා  ඖෂධ බාවිතයෙන් බව පැරණි පොත්පත්වල පවා සදහන් වෙයි.

එසේම, ශරීරයේ මතුපිටින් පැහැපත් වී ලස්සන වීමට නම්, ශරීරය ඇතුලත නිරෝගීබාවය හා ජීවිතය පිලිබදව යහපත් ආකල්ප ඇතිවීම අත්‍යවශ්‍ය. ශරීරයේ හා මුහුණේ පියකරු වීමට, පළමු පියවර ලෙස අප ගන්නා අහාරවේල් බලපානු ලබයි. සමබර හා පෝෂණීය  ආහාර වේලක් ලබාගන්නා විට, නිතැනින්ම පැහෙපත් සමකට හිමිකම් ලබාගනී. තවද උදැසන ආ හාර වේල්, ඉතා විශේෂ වන අතර, එය නියමිත වේලාවට පෝෂ්‍ය පදාර්තව ලබා ගැනීමට උත්සුක වියයුතුය. එමගින් දවස පුරා වැඩ කටයුතු කිරීමට ජිව ශක්‌තිය ඔබට ලැබෙනු ඇත.

සැම ආහාරපාන වේලකටම, එලවළු,පළතුරු, පලා එකතුකර ගැනීම, ඉතාමත් ගුණදායකය. මේදය,පිටි,සීනී සහිත ආහාර සිමා කළ යුතුය. සමේ තෙතමනය රදවා ගැනීමට හොදින් ජලය පානය කළ යුතුයි. එමගින් සමේ රැළි  ඇතිවීම වලක්වන අතර ඔබේ තරුණ පෙණුම වැඩි කරණු ඇත. ඔබට ශරීරයේ හැඩය  මනා සේ පවත්වා ගෙන යාමට නම්, පෙර ගැමි සමාජයේ මෙන්, නිවසේ, මිදුලේ,  වැඩ කටයුතු වල යෙදීම, හොදින් වියායම් කිරීම, ඇවිදීම වැනි දේ අත්‍යවශ්‍ය වේ.

වෙලදපොලේ සම පැහැපත් කිරිමට යොදා ගන්නා විවිද වෙළද නම් වලින් ඇති දේ, කොතරම් සිරුරට හිතකරද යන්න  තමන් දැනුවත් වියයුතුයි.  උදාහරණ ලෙස  සතියකින්  සුදු වෙනවා යැයි  කියා ගාන ක්‍රීම්(Cream) වර්ගවල සමේ පිළිකා ඇති කර හැකි , බීජින්  හා රසායනික ද්‍රව්‍යමය අඩංගු බව,  ඔබ දන්නවාද? මේවා ගැවිට  සමහර විට  සිදුවන්නේ තමන්ට තිබු , ස්වභාවිකව ලැබුණු, සමේ පැහැපත් බවත්
නැතිවීමය.

සමේ පැහැය, තරුණ පෙනුම රැක ගැනීම සදහා විවිද ආලේපන ,පෙති වර්ග අපේ ලාංකික කතුන්ට තවමත් අවශ්‍ය නොවේ.ඒවා ඔබ අවට පරිසරයෙන්ම ඔබටම ලබාගත හැකියි. සැම විටම ස්වභාවිකත්වයට මුල්තැන දී ඔබගේ සමේ පැහැපත් බව හා රුව රැක ගැනීමේ පිළියම් යොදාගන්න. එවිට ඔබේ රුවත් රැකී නිරෝගිත්වයත් රැකෙනු ඇත.

උදාහරණ:
1. කෝමාරිකා - මුහුණේ හා ශරීරයේ වියලි බව නැති කිරිමට, කෝමාරිකා මදය, දෙහි බිංදුවක් දමා අලේපනය කරන්න.

2. සුවද කොට්ටං -  සමෙහි පෝෂණය, සිනිදූ බව සම පිරිසිදු කිරිමට උපකාරී වේ. ඇස වටා දුර්වර්ණ වීම වළක්වා ගැනීමට සුවද කොට්ටං, මී පැණි සමග මිශ්‍රකර ආලේපය සුදුසු වේ.

3. අලිගැටපේර - අලිගැටපේර ආහාරය වියළි සමට ඉතාම සුදුසු ආහාරයකි. මුහුණෙහි පැහැපත් බාවය ලබාගැනීමට ඉදුණු අලිගැටපේර, එළකිරි සමග ම්ශ්‍ර කර අාලේප කරනු ලැබේ.